ඩිෆෝල්ට් මගහරින්න

ඔබේ ඩිජිටල් යහපැවැත්ම ශක්තිමත් කරගැනීම සඳහා

ඔබ ප්ලග්වලින් ඉවත් වී, තාක්ෂණය ස්පර්ශ නොකර දවසක් හෝ අඩු තරමේ පැයක් අවසන් වරට ගත කළේ කවදා ද?

ඔබ නිරතුරුවම අන්තර්ජාලයේ සිටිනවා නම්, ඔබ සිටින්නේ තනිව නොවේ. සාමාන්‍ය පුද්ගලයකු විසින් දිනකට 2,600 වාරයකට වැඩි වාර ගණනක් ක්ලික් කිරීම් ආදිය කරනු ලැබේ. (source). ඔබ කිසියම් දෙයක් එතරම් නිතර කරන්නේ නම්, එය අවශ්‍ය දෙයක්දැයි ඔබ සිතා බැලිය යුතු ය. ඔබ උපකරණය තුළ ගත කරන කාලය ඵලදායී කාලයක් බව තහවුරු කරගන්නේ කෙසේ ද?

එය ආරම්භ වන්නේ, තාක්ෂණය වෙත නොවැළැක්විය හැකි ලෙස ආකර්ශනය වීම ඔබේ වරදක් නොවන බව තේරුම් ගැනීමෙනි. ඔබ විශ්වාස කරනවා ද, ඔබගේ ප්‍රියතම ඇප් සහ වෙබ් අඩවි සැලසුම් කර තිබෙන්නේ ඒවායේ සෑම ලක්ෂණයක් ම, වර්ණයක් ම සහ ශබ්දයක් ම ඔබ ඇද බැඳ තබාගැනීමටත්, නැවත නැවත ආපසු පැමිණීමටත් හැකි වනු පිණිසයි.

ඇප් සහ වෙබ් අඩවි සැලසුම් කර තිබෙන්නේ ඔවුන් ඔබ යා යුතු යයි සිතන දෙසකට යොමු කිරීමටයි. ඒවායේ බොත්තම් විසින් තහවුරු කිරීම් පිළිබඳ අවධාරණයක් පවත්වාගෙන යනවා. පාඨ ලියා තිබෙන්නේ ද උවමනාවට වඩා ඒත්තු ගන්වන බසිනුයි. මාධ්‍යය ද වැඩි වැඩියෙන් සැලසුම් කර තිබෙන්නේ උද්වේගකර ශීර්ෂ පාඨ සහ දෘෂ්ටි කෝණයන් මගින් ඔබේ අවධානය ආකර්ෂණය කරගනු පිණිසයි.

අන්තර්ජාලය තුළ සහ ඉන් පිටත ඔබගේ ජීවිත අතර සෞඛ්‍ය සම්පන්න තුලනයක් පවත්වාගන්නට උවමනා ද? මෙම දත්ත විෂහරණ පාඩමෙන් සාකච්ඡා කරනු ලබන්නේ ඒ ගැනයි.

මෙමගින් ඔබ සන්නිවේදන බාධක මගහරවමින් යන හැටිත්, ඔබගේ තාක්ෂණ භාවිතය මගින් ඔබේ ජීවිතය අඳුරු කරනවා වෙනුවට ආලෝකවත් කරන හැටිත් ඉගෙන ගන්නවා. ඔබගේ උපකරණය භාවිතා කළ යුත්තේ කොයි තරම් අඩුවෙන් ද, වැඩියෙන් ද යන ප්‍රශ්නයට ‘නිවැරදි' පිළිතුරක් නැහැ. ඔබට සුවපහසු යයි සිතෙන තැනින් ආරම්භ කර ඉදිරියට යන්න.

අපි පටන් ගනිමු!


1. ඒ මොහොතේ ඉන්න

මෙම උපදෙස එය පෙනෙන තරමට වඩා ගැඹුරුයි. ඒ මොහොතේ රැඳීමට නම් දිනපතා පුහුණු වීම අවශ්‍යයි. එය ඔබගේ මොළයේ මාංශ පේශියක් වැනියි. එහි ශක්තිය ගොඩනැගීම සඳහා ඔබ නිතිපතා පුහුණුවීම් කළ යුතුයි. තාක්ෂණය භාවිතා කිරීම සමග ඔබේ තිබෙන සම්බන්ධය සලකා බැලීමෙන් ඔබට එය ආරම්භ කරන්නට පුළුවන්.

ඔබ ඔබගේ දුරකථනයේ කෙතරම් කාලයක් ගත කරනවා ද?

ඔබ එයට ලැබුණ පිළිතුර ගැන අසතුටු නම්, ඔබට ඔබගේ තාක්ෂණ භාවිතයේ පාලනය ඇතිකරගැනීම සඳහා අනුගමනය කළ හැකි සැකසුම් සහ උපාය මාර්ග තිබෙනවා.

ඔබේ අරමුණ Facebook, Instagram, හෝ Snapchat ආදියෙහි අඩු කාලයක් ගත කිරීම නම්, ඒවා ඔබට ගැලපෙන පරිදි වඩා හොඳින් ක්‍රියාත්මක වන සේ ඒවායේ සැකසුම් සහ අවසරයන් වෙනස් කරන්න. ඉන්ස්ටග්‍රෑම් වැනි ඇතැම් ඇප්වල ඔබ එම ඇප් තුළ ගත කළ කාලයේ සීමාව වෙත ළඟා වී තිබෙන බව ඔබට මෘදු ලෙස අඟවන විකල්ප ක්‍රම තිබෙනවා.

Instagram:

  • Profile →
  • logo menu →
  • Settings
  • Account
  • Your Activity
  • Set Daily Reminder

ඔබගේ ජංගම දුරකථනය එහි නාද වීම්, ශබ්ද, එළි ආදිය මගින් ඔබේ සැබෑ ජීවිතයේ සංවාදවලට බාධා කරන බව හැඟේ නම්, එය තාවකාලිකව නිහඬ කරන්නට ඔබට පුළුවන්. එහි මුහුණත යට පැත්තට හරවා, එය දෑසට නොපෙනෙන පරිදි එය සාක්කුවේ හෝ බෑගයේ බහා තබන්න.

ඔබගේ භාවිතය මැනගැනීමට උපකාර කරන ඇප් ද තිබෙනවා. Google's Digital Wellbeing සහ අලුත්ම iOS update මගින් Android සහ iPhone දුරකථනවලට ඔබගේ චර්යාවන් පරීක්ෂා කරන්නට පුළුවන්.

මෙම සේවා මගින් ඔබ කොපමණ වාර ගණනක් ඔබගේ ජංගම දුරකථනය පරීක්ෂා කරනවා ද යන්න පවසා ඔබට එය පාලනය කරගත හැකි සැකසුම් ලබා දෙනවා.

වැඩිදුර උපදෙස් සඳහා "ඒ මොහොතේ ඉන්න (ඔබගේ දුරකථනය සමග පවා)" බලන්න.


2. සැලසුම් උපායන් හඳුනාගන්න

පොළඹවනසුලු මෝස්තර “අඳුරු රටා (dark patterns)” ලෙස ද හැඳින්වෙනවා. ඒවා වනාහි ඔබ යමක් සමග සයින් ඉන් වී සම්බන්ධ වීමට, යමක් මිල දී ගැනීමට, පෞද්ගලික තොරතුරු ලබාදීමට එතරම් සිතීමකින් හෝ අවශ්‍යතාවකින් තොරව පොළඹවන මානව මනෝ විද්‍යාව මත පදනම් වූ සැලසුම් නිර්මාණයක්.

මේ සඳහා යොදාගන්නා සුලබ ආකාර වන්නේ විශේෂිත වර්ණ, බොත්තම් පිහිටුවන ස්ථාන, අපැහැදිලි පාඨ, අසම්පූර්ණ තොරතුරු ආදියයි. ඇතැම් විට, මේ උපායන් පැහැදිලිව දකින්නට ලැබෙනවා. එහෙත්, ඒවා හඳුනාගත නොහැකි අවස්ථා ද තිබෙනවා. දායකත්වයක් ලබාගැනීමේදී හෝ අන්තර්ජාලයෙන් මිල දී ගැනීම් කිරීමේදී ඔබ මෙය දැනටමත් දැක තිබෙන්නට පුළුවන්.

මෙම සැලසුම් උපායන් හැම තැනම දකින්නට ලැබෙන්නට හේතුව වන්නේ එමගින් අප ක්ලික් කිරීමට, දායක වීමට, වැඩිපුර මිල දී ගැනීමට සහ නැවත නැවත ආපසු ඒමට පෙළඹවීමයි. ඔබ භාවිතා කරන වෙබ් අඩවිවල ඇතුළත් වන සියුම් පෙළඹවීම් සහ මෙහෙයවීම් පිළිබඳ දැනුවත් වන තරමට ඔබට දැනුවත්ව තීරණ ගන්නට පුළුවන්.

ඔබගේ ඇප්වලට වඩා දක්ෂ වන්නට අනුගමනය කළ හැකි උපායන් රැසක් තිබෙනවා.

ඔබ පෙළඹවීමට ලක් කරනු ලබන අවස්ථා හඳුනාගන්න: ඔබට කළ හැකි පළමු දෙය වන්නේ මෙම තාක්ෂණයන් භාවිතය ගැන දැනුවත් වීමයි. එවැනි විවිධ ආකාර පිළිබඳ මෙතැනින් කියවන්න: සහ නූතන පෙළඹුම්කාරී සැලසුම් පිළිබඳ දැනුවත් වන්නට the Twitter feed හෝ the hashtag පසුහඹන්න.

තිරරූප සහ ෂෙයාර් කිරීම්: අන්තර්ජාලයේ පෙළඹුම්කාරී සැලසුමක් දුටු හැමවිටම එහි තිර රූප රැගෙන ඔබගේ මිතුරන් සමග බෙදාගන්න (පෞද්ගලිකත්වයට ප්‍රමුඛතාව දී, පෞද්ගලිකව හඳුනාගත හැකි විස්තර මගහරිමින්). තම භාවිතාවන් වෙනස් කරන්නැයි සමාගම්වලින් ඉල්ලා සිටින්නට ද ඔබට පුළුවන්.

සන්සුන් වන්න: මිල දී ගැනීමේ පිටුවක අවසන් අවස්ථාවට කාලය ගණනය කරන ඔර්ලෝසුවක් තිබේ නම්, එය ඇත්තට ම හදිසි දෙයක්දැයි ඔබෙන් ම අසන්න. ඇත්තට ම අවශ්‍යතාවක් නැති වේලාවක යම් බොත්තමක් එබීමක් කළා නම්, එම බොත්තම මත ඇති වචන හා එය ඇතුළත් වන සේවාව විසින් භාවිතා කර තිබෙන වර්ණ ගැන සිතන්න. ඔබට අවුල් සහගතබවක් දැනේ නම්, ඔබ වැරදි යයි තීරණය කිරීමට හදිසි වෙන්න එපා. වෙබ් අඩවිය හෝ ඇප් එක විසින් භාවිතා කර තිබෙන වචන ගැන සලකා බලන්න. ඒවා අපැහැදිලි විය හැකි ය.

අඳුරු රටා පිළිබඳ නිදසුන් සඳහාත්, ඔබට ඒවා හඳුනාගත හැකි ආකාරය පිළිබඳ වැඩිදුර ඉගෙනීම සඳහාත්, “අන්තර්ජාලය මට එය කිරීමට පෙළඹවීය: අවුල් සහගත සැලසුම් අතර පැහැදිලිභාවය සොයාගන්න" යන ලිපිය කියවන්න.


3. මාධ්‍ය පිළිබඳ දැනුවත්ව ඉන්න

වෙබ් පිටුවල ඉහළ පහළ යාමට සහ ක්ලික් කිරීමට ඔබ පොළඹවන විශේෂාංග හා සැලසුම් මගහරවා දක්ෂ ලෙස කටයුතු කරනවා සේ ම, ඔබ නොමග යැවීම අරමුණු කරගත් පුවත් වාර්තා ගැන ද ඔබට දක්ෂ ලෙස කටයුතු කරන්නට පුළුවන්.

මේ වන විට ඔබ ‘වැරදි තොරතුරු' සහ ‘ව්‍යාජ පුවත්' පිළිබඳ ප්‍රශ්නය ඔබ අසා ඇති. ඔබ පරිහරණය කරන ඕනෑම පුවතක් සම්බන්ධයෙන් බැරෑරුම් ප්‍රශ්න කීපයක් ඇසීම පුරුද්දක් කරගත්තොත්, ඔබටත් වැරදි තොරතුරු ඉදිරියේ දක්ෂ විය හැකියි. විශේෂයෙන් ම පුදුම එළවන, සාහසික සහ විශ්වාස කළ නොහැකි තරම් හොඳ පුවත් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න ඇසිය යුතුයි.

අවසානයේදී, සත්‍ය හා ව්‍යාජ වන්නේ කුමන පුවත් ද යන්න තහවුරු කරගැනීමට ඔබට අවශ්‍ය ඇති. විශේෂයෙන් ම ඔබ එය පවුල හෝ මිතුරන් සමග බෙදාගන්නවා නම් එය වැදගත් වෙනවා.

  • එය කුමන වෙබ් අඩවියෙන් ද?
  • එය ලිව්වේ කවුරු ද? කවදා ද?
  • ශීර්ෂ පාඨයට ඔබ්බෙන් සමස්ත ලිපියෙන් පැවසෙන්නේ කුමක් ද?
  • ඔවුන් දක්වන මූලාශ්‍ර මොනවා ද?

ඔබ එය වැරදි තොරතුරකැයි සිතනවා නම් සහ එය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය නම්, එම පළ කිරීම පිළිබඳ පැමිණිලි කිරීම සඳහා බොහෝ වේදිකාවල අවස්ථාවක් තිබේ. එම පළ කිරීම සිදු කළ ගිනුම තවදුරටත් පසුහඹනවා ද නැද්ද යන්න තීරණය කිරීමට ද ඔබට අවස්ථාව ඇත.

ව්‍යාජ පුවත් හඳුනාගැනීම පිළිබඳ තවදුරටත් ඉගෙනීම සඳහා "ආලෝකය දල්වාගන්න: අන්තර්ජාලයේ ඇත්ත සොයාගන්න" ලිපිය කියවන්න.


4. ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න

ඔබ නිතර පරිහරණය කරන වෙබ් අඩවිවල සහ ඇප්වල තිබෙන ඇබ්බැහි කරනසුලු සහ පොළඹවනසුලු ලක්ෂණ පිළිබඳ ඔබ පසුවන්නේ අසතුටින් නම්, ඔවුන්ගේ භාවිතාව පිළිබඳ ඔබේ අසතුට පළ කර එම සමාගම්වලට ඊමේල්, ට්විටර් පණිවුඩ යවන්න. සමාගම්වල වඩාත් ම වටිනා දේපල වන ඔවුන්ගේ පරිශීලකයන් විසින් බලපෑම් කරන විට ඒවා වෙනස් වීමේ යම් ඉඩක් තිබේ.

ඔබේ ප්‍රතිපෝෂණයට සවන් නොදෙන බවක් ඔබට හැඟේ නම්, ඔබට කළ හැකි බලවත් දෙයක් තිබේ. එනම්, වෙනත් වෙබ් අඩවියක් හෝ ඇප් එකක් භාවිතා කිරීමයි. වෙබ් අඩවියක් හෝ ඇප් එකක් විසින් කරනු ලබන දෙය ගැන ඔබ අසතුටින් පසු වන බව සන්නිවේදනය කර තිබේ නම් හා එය භාවිතය ඇත්තෙන් ම නතර කර උපකරණයෙන් ඉවත් කරනවා නම්, තවත් බොහෝ අය ද එසේ කරනවා නම්, ඔවුන්ට එය දැනෙන්නට පටන් ගනු ඇත.

සැලසුම් උපායන් හඳුනාගන්නා ආකාරය පිළිබඳ තවත් උපදෙස් සඳහා “අන්තර්ජාලය මා ලවා එය කරවී ය: මනස අවුල් කරන සැලසුම් අතර පැහැදිලිභාවයක් සොයාගන්න" ලිපිය කියවන්න.


5. පණිවුඩය පතුරුවා හරින්න

පණිවුඩය පතුරුවා හරින්න! මෙය පහසුවෙන් අමතක වන උපදෙසක් වුවත්, එමගින් විශාල ප්‍රතිඵලයක් ඇති කළ හැකියි. ඔබ දකින දෙය පිළිබඳ ඔබේ මිතුරන්ට, පවුලේ අයට සහ වෘත්තීය සගයන්ට පවසන්න. මෙම දත්ත විෂහරණය සමග සම්බන්ධ වන්නට ඔවුන්ට ආරාධනා කරන්න.

හැම කෙනෙකු ම තම ජංගම දුරකථන පුරුදු කළමනාකරණය කරගැනීමට උත්සාහ කරනවා. වැදගත් දෙය වන්නේ ඔබට හා ඔබගේ ජීවන විලාසයට ගැලපෙන ආකාරයක් සොයාගැනීමයි. හරියටම ගැලපෙන ආකාරය සොයාගන්නා තෙක් පරීක්ෂණ කරන්න. ඉන් පසු ඔබ විසින් කාලයත් සමග වෙනස් කරගත යුතු පුරුදු යාවත්කාලීන කරගන්න. හැම කෙනෙකුට ම හරි යන එක් විසඳුමක් නැත.

අවසානයේදී, ඔබගේ තාක්ෂණික තෝරාගැනීම් ඔබ අවට සිටින අයට ද දන්වන්න. ඔබ තිරයෙන් ඉවත් වන දින චර්යාවට අනුව, ඔබගේ මැසෙන්ජර් ඇප් එක ඔස්සේ සෑම දිනක ම ප.ව. 8න් පසු ඔබව සම්බන්ධ කරගත නොහැකි නම්, ඒ බව ඔබේ පවුලේ අයට සහ මිතුරන්ට පවසන්න. ඒ වෙනුවට, ඔබට දුරකථනයෙන් ඇමතීමට ඔවුන්ට හැකි ය.

සංවාදය විවෘතව තබාගන්න. ප්‍රශ්න අසන්න. ඔබට සමබර අන්තර්ජාල ජීවිතයක් ගත කළ හැකි ය.

මෙම පියවර සාර්ථක වී ඔබට වැඩි සමබරබවක් දැනේ නම්, උත්සාහ කරන්න. "සුහුරු දුරකථන සුහුරු පුරුදු ඇති කරයි"

අවසන් වරට යාවත්කාලීන කළේ: 6/9/2020