ඔබේ සුහුරු දුරකථනයේ දත්ත පාලනය කරගන්න

ඔබගේ අන්තර්ජාල පෞද්ගලිකත්වය වර්ධනය කරගන්න

ඔබේ දත්ත ඔබ ගැන වෙනත් අයට කියන දේ ගැන ඔබ සංවේදී ද? එය එතරම් වැදගත්කමක් ඇති දෙයක් නොවේ යයි ඔබට සිතෙන්නට පුළුවන්. ඔබ කැමති සංගීතය, ඔබ කැමති කෑම, යන එන ගමන් බිමන් හා අන්තර්ජාලයෙන් මිළ දී ගන්නා දේ වෙනත් කෙනෙකුට වැදගත්කමක් තිබේදැයි ඔබට සිතෙන්නට පුළුවන්.

ගැටලු මතු වන්නේ ඔබේ දත්තවලට කුමක් සිදුවන්නේ ද යන්න මතයි. කාලයක් තිස්සේ ඔබ ගැන එකතු වන දත්ත මගින් ඉතා පෞද්ගලික ඩිජිටල් රටා නිර්මාණය වෙනවා. ඔබගේ පුරුදු, ගමන්-බිමන්, සම්බන්ධතා, කැමති දේ, විශ්වාසයන් සහ රහස් එම දත්ත විශ්ලේෂණය මගින් හෙළිදරව් කරගන්නට පුළුවන්. ව්‍යාපාරිකයෙකු, දත්ත තැරැව්කරුවකු වැනි අයෙකුට එයින් ලාභ ලබාගන්නටත් පුළුවන්.

මෙම දත්ත විෂහරණ කට්ටලය අනුගමනය කිරීමෙන් ඔබට එසේ සිදුවන්නේ ඇයි ද යන්න හා කෙසේ ද යන්න පිළිබඳ තේරුම් ගන්නටත්, අන්තර්ජාලය තුළ ඔබේ දත්ත සලකුණු පාලනය කිරීමට පියවර ගන්නටත් පුළුවන්.

අපි පටන් ගනිමු!


1. ඔබගේ උපකරණයේ නම වෙනස් කරන්න

කිසියම් අවස්ථාවකදී ඔබට ඔබගේ දුරකථනය වයිෆයි හෝ බ්ලූටූත් හෝ ඒ දෙකම වෙනුවෙන් හෝ "නම් කරන්නට" සිදුවෙනවා. සමහර විට, මේ නම ඔබගේ පද්ධතියෙන් ඉබේම නිර්මාණය වෙනවා වෙන්නත් පුළුවන්.

ඒ අනුව, නිමල්ගේ ජංගම දුරකථනය නම් කර තිබෙන්නේ “Nimal" කියා නම්, එහි වයිෆයි හෝ බ්ලූටූත් හෝ ආරම්භ කළ විට, එය වයිෆයි ජාලයේ හිමිකරුටත්, බ්ලූටූත් මගින් සම්බන්ධ වන ප්‍රදේශයේ සිටින සියලුදෙනාටත් දැකගන්නට ලැබෙනවා.

ඔබ තේ කඩයකට, හෝටලයකට හෝ ගුවන් තොටුපළට පිවිසෙන විට ඔබේ නම කියන්නේ නැහැ නේද? ඉතින් ජංගම දුරකථයට පිවිසෙන විට එහෙම කරන්නේ මොකට ද?

ඔබ වෙනත් අයට පෞද්ගලිකව පහසුවෙන් හඳුනාගත නොහැකි නමක් ලෙස ඔබේ ජංගම දුරකථනයේ නම වෙනස් කරන්නට ඔබට පුළුවන්. එහෙත්, ඒ නම තවදුරටත් ඔබට ම සුවිශේෂී එකක් ලෙස තබාගන්නටත් පුළුවන්. ඒ මෙහෙමයි:

Android:

  • Change Wi-Fi name:
    • Settings
    • Wi-Fi
    • logo menu →
    • Advanced / More features
    • Wi-Fi Direct
    • Rename Device
  • Change Bluetooth name:
    • Settings
    • Bluetooth
    • Turn Bluetooth on if it's off →
    • logo menu →
    • Rename Device
    • Turn Bluetooth off

 

iPhone:

  • Change phone name:
    • Settings
    • General
    • About
    • Change the name

නමක් ගැන අදහසක්: කැමති නම් ඔබේ ප්‍රියතම රූපවාහිනී චරිතය හෝ වැඩසටහන් නමක් පාවිච්චි කරන්නට පුළුවන්.

ඔබගේ ජංගම දුරකථනය තවදුරටත් පෞද්ගලික කරගැනීම සඳහා උපදෙස් අවශ්‍ය ද? ඔබගේ උපකරණයට අලුත් ආරම්භයක් දෙන හැටි ඉගෙන ගන්න.


2. අන්තර්ජාලයේ ඔබේ පාසටහන් මකා දමන්න

ඔබ ගිය ස්ථානවල දත්ත හුදෙක් අහඹු දත්ත බිට් පමණකැයි ඔබ සිතන්නට පුළුවන්. එහෙත්, ඒවා මුළුමනින් ම නිරාවරණය වූ විට, එමගින් ඔබ පිළිබඳවත්, ඔබේ පුරුදු, ඔබ ජීවත් වන තැන, ඔබ වැඩ කරන තැන, ඔබ ඔබේ මිතුරන් සමග ගැවසෙන තැන් ආදිය පිළිබඳවත් වැදගත් විස්තර හෙළිදරව් වෙනවා. බොහෝ සමාගම් සහ දත්ත තැරැව්කරුවන් එම තොරතුරු පසුපස හඹා යනවා.

උදාහරණයක් ලෙස, ඔබේ සිතියම් ඇප් එකට ඔබ සිටින තැන දැනගැනීමට අවසර දීම සාමාන්‍ය කරුණක් වෙන්නට පුළුවන්. එහෙත්, ඔබ සිටින ස්ථානය දැනගැනීම සඳහා ඔබ ඇප් කීයකට අවසර දී තිබේදැයි දැනගත්විට ඔබ පුදුමයට පත් වේවි.

හැම ඇප් එකක ම අවසරය හෙවත් Permission වෙත ගොස් ස්ථානය හඳුනාගත හැකි සේවා ඕෆ් කරන්න. සේවාව සැපයීම සඳහා එවැනි තොරතුරු අවශ්‍ය නැති ඇප් මොනවාදැයි සොයා බලන්න. (උදාහරණයක් ලෙස, ගේම් එකක් සඳහා ඔබ සිටින තැන වැදගත් නොවෙන්නට පුළුවන්.) එසේම, ඔබ යම් ඇප් එකකට එවැනි තොරතුරු ලබා දීමට අකැමැති නම්, ඒවායේ ද ස්ථානය හඳුනාගත හැකි සේවා ඕෆ් කරන්න.

Android:

  • Settings
  • Apps

 

iPhone:

  • Settings
  • Privacy
  • Location services
  • Manage location access on a per-app basis

එසේ නැතිනම්, ඔබ සක්‍රියව භාවිතා නොකරන විටදී ඔබට ඔබේ ජංගම දුරකථනයේ ස්ථාන හඳුනාගැනීමේ හැකියාව සම්පූර්ණයෙන් ම අක්‍රිය කරන්නට පුළුවන්. එමගින් ඔබගේ බැටරිය දිගුකලක් පාවිච්චි කරන්නටත් පුළුවන් වීම අමතර වාසියක්. ඔබ ඔබගේ සිතියම හෝ කාලගුණ ඇප් එක වැනි ස්ථානය හඳුනාගැනීම අවශ්‍ය ඇප් එකක් නැවත භාවිතා කරන විට ඔබට ස්ථාන හඳුනාගැනීමේ හැකියාව නැවත සක්‍රිය කරන්නට පුළුවන්.

Gif showing location services being turned off

Android:

  • Settings
  • Security & Location / Location
  • Turn location off

 

iPhone:

  • Settings
  • Privacy
  • Location services
  • Turn them off

ගූගල් සිතියම් සහ වෙනත් ගූගල් ගිනුම් සම්බන්ධ ස්ථාන හඳුනාගැනීමේ පහසුකම් වසා දැමීම පිළිබඳ උපදෙස් සඳහා ගූගල්හරණය කරගන්න.


3. ඔබේ ඇප් පිළිවෙල කරගන්න

ඔබේ සමාජ මාධ්‍ය ඇප්, ක්‍රීඩා සහ කාලගුණ තොරතුරු ඇප් ආදිය ඔබේ දත්ත ගැන උනන්දුවක් දක්වනවා. ඒවා මගින් ඔබේ දත්ත විශාල වශයෙන් එක් රැස් කරනවා විය හැකියි.

ඔබ කිසි විටෙක භාවිතා නොකරන අහඹු ඇප් ඉවත් කර දැමීම ඔබගේ ඩිජිටල් භාවිතාවේ විෂහරණය කරන්නට ඉතා ම සුදුසු ආකාරයක්.

එයට අමතරව, පිළිවෙල කිරීමෙන් ඔබගේ දුරකථනයේ ඉඩකඩ ද නිදහස් කරගත හැකියි. එහි දත්ත භාවිතා වීම අඩු කරගන්නටත් පුළුවන්. එමගින් බැටරියේ ආයු කාලයත් දීර්ඝ වෙනවා.

Android:

  • Settings
  • Apps
  • Select the app you want to uninstall →
  • Uninstall

 

iPhone:

  • එක් ඇප් එකක් මත ඔබාගෙන ඉන්න. එවිට සියල්ල නළියන්නට පටන් ගනු ඇත. සෑම ඇප් එකක ම ඉහළ වම් කෙළවරේ කුඩා කතිරයක් දකින්නට ලැබෙනු ඇත.
  • ඇප් එකක් මකා දැමීම සඳහා එය මත තිබෙන කුඩා කතිරය ඔබන්න.
  • ආපසු සිටි තැනට යාමට Home බොත්තම ඔබන්න.

ඔබ යම් සේවාවක් භාවිතා කිරීම සඳහා මුදල් ගෙවා තිබේ නම්, අනාගතයේ සිදුවිය හැකි අයකිරීම් අවලංගු කර තැබීමට මතක තබාගන්න. (එමගින් විස්මය දනවන බිලක් ලැබීම වැළකේ.) මෙය තහවුරු කරගන්නා ආකාරය එක් එක් සේවාවෙන් සේවාවට වෙනස් වේ. ඔවුන්ගේ FAQ පිටුව හෙවත් නිතර අසන ප්‍රශ්න පිටුවෙන් හෝ පාරිභෝගික සහාය සේවාවෙන් විස්තර ලබාගත හැකි ය.

ඔබගේ ඇප් පිරිසිදු කරගැනීමෙන් ඔබ එහි ඇතුළත් කරන දත්තවල කැපීපෙනෙන වෙනසක් සිදු කළ හැකි ය. ඔබ පිළිබඳ දත්ත රැස් කරගෙන ඔබ පිළිබඳ අනුමාන කරන සමාගම්වලට ද එයින් බලපෑමක් ඇති වේ. බොහෝ ඇප් සඳහා විකල්පයක් තිබේ. ඒවා සමාන කාර්යයන් ඉටු කරන අතර ඔබගේ දත්ත එක්රැස් කිරීම හෝ ඒවා වෙනත් පාර්ශ්වවලට විකිණීම කරන්නේ නැත.

මේ සඳහා විකල්ප ඇප් Alternative App Centre වෙතින් සොයාගත හැකි ය..

ඔබ විසින් භාවිතා කරනු ලබන මෙවලම් වෙනුවට වෙනත් මෙවලම් ආදේශ කිරීම දුෂ්කර යයි හැඟේ නම්, ඇප් එකකින්, දෙකකින් පටන් ගන්න. ආරම්භයක් සඳහා ඔබේ බ්‍රව්සරය බලන්න: **ඔබට එ් වෙනුවට ෆයර්ෆොක්ස්, ක්‍රෝම් හෝ වෙනත් වඩා පෞද්ගලික සේවාවක් භාවිතා කළ හැකි ය.

ඔබගේ ඇප් පිළිවෙල කරගැනීම සඳහා තවත් උපදෙස් අවශ්‍ය ද? ඇප් පිරිසිදුකරනයක් භාවිතා කරන්න.


4. ඔබේ සලකුණු අවම කරන්න

ඔබගේ දුරකථනයේ බ්‍රව්සරය විසින් ඔබ පිළිබඳ තොරතුරු රැසක් ගබඩා කර තබාගනු ලැබේ. ඔබ සිටින ස්ථානය, ඔබ සොයන දේ, ඔබ භාවිතා කරන වෙබ් අඩවි වැනි විස්තර එසේ ගබඩා කරගන්නා අතර එම තොරතුරු පිටතට යා හැකි ය.

වෙනස්කම් කීපයක් කිරීමෙන් ඔබට ඔබට යම් පාලනයක් ඇති කරගත හැකි ය.

ජංගම දුරකථන, ටැබ් සහ පරිගණකවල කලින් ස්ථාපනය කරන ලද බ්‍රව්සර තිබේ. එමගින් ඔබගේ පෞද්ගලිකත්වයට ප්‍රමුඛතාවක් දෙන්නේ නැත. එම නිසා, ඒවා වෙනුවට බ්‍රව්සරයක් ඩවුන්ලෝඩ් කරගෙන භාවිතා කළ හැකි ය. ඔබගේ වෙබ් ක්‍රියාකාරකම් වඩා පෞද්ගලික අන්දමින් කිරීම සඳහා සැකසුණු, ඔබ හඹා එන්නන්ගෙන් ඔබ ආරක්ෂා කරන බ්‍රව්සරයක් තෝරාගන්න.

අමතර වශයෙන් පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම සඳහා ඔබට “ඇඩෝන සහ එක්ස්ටෙන්ෂන්ස් (add-ons and extensions)” භාවිතා කළ හැකියි. ඒවා පහසුවෙන් බ්‍රව්සරයේ ස්ථාපනය කරගත හැකි කුඩා වැඩසටහන්. එමගින් ඔබගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් වඩා පෞද්ගලික කරගන්නට පුළුවන්.

ඔත්තු බලන දැන්වීම් සහ නොපෙනෙන හඹා එන්නන් වැළැක්වීම සඳහා, uBlock Origin ඉන්ස්ටෝල් කරගන්න හෙවත් පිහිටුවාගන්න. (Chrome, Safari, සහ Firefox සඳහා) හෝ Privacy Badger (Chrome, Firefox, සහ Opera සඳහා).

හැකි හැම විටම වෙබ් අඩවි වෙත ඔබගේ සම්බන්ධය ආරක්ෂිත කරගැනීම සඳහා, HTTPS Everywhere පිහිටුවාගන්න: මෙම බ්‍රව්සර දිගුව මගින් ඔබ බොහෝ ප්‍රධාන වෙබ් අඩවි සමග කරන සන්නිවේදනය කේතගත කර ඇති බව සහ හුවමාරු කිරීමේදී ආරක්ෂිත බව තහවුරු කරයි. ඔබ මෙම ලක්ෂණය භාවිතා කිරීමට කැමති සෆාරි බ්‍රව්සරය භාවිතා කරන්නෙකු නම්, ඔබගේ ඩිෆෝල්ට් සෙවුම් යන්ත්‍රය ගූගල් වෙනුවට DuckDuckGo වැනි ගූගල් නොවන සේවාවක් බවට වෙනස් කරගන්න. එමගින් ඔබ කේතගත කරන සම්බන්ධතාවක් වෙත ඉබේම යොමු කරනු ලැබේ.

ඔබගේ බ්‍රව්සරය ආරක්ෂා කරගැනීම සඳහා තවත් බොහෝ ආකාර ෆයර්ෆොක්ස් විසින් පිරිනමනු ලැබේ. විස්තර සඳහා addons.mozila.org පරීක්ෂා කරන්න.

ඔබගේ බ්‍රව්සරය ආරක්ෂා කරගැනීම සඳහා තවත් ආකාර සොයනවා ද? පූර්ණ බ්‍රව්සර බූස්ටර අත්දැකීම ලබන්න.


5. ඔබ සහ ඔබේ මිතුරන් අන්ටැග් කරන්න

ඔබගේ මිතුරන් ඡායාරූපවලට හා පෝස්ට්වලට ටැග් කිරීමෙන් අතීතයේදී ඔබ ඔවුන්ගේ දත්ත සමුදාය වැඩි කිරීමට දායක වුණා ද?

හැකි තරම් ඡායාරූප හා පෝස්ට් සංඛ්‍යාවකින් ඔවුන් අන්ටැග් කිරීමෙන් ඔවුන්ගේ දත්ත සමූහය සහ ඔබේ හෘදය සාක්ෂිය සැහැල්ලු කරගන්න.

මෙම තොරතුර බෙදාගන්න. ඉවත යන දත්ත පාලනය කිරීම සඳහා එක්වන්නැයි ඔබගේ මිතුරන්ට, පවුලේ අයට සහ සහායක සේවකයන්ට ආරාධනා කරන්න. අප සියලු දෙනා එක්ව අපගේ දත්ත සලකුණු පාලනය කරන්නේ නම් අපට එකිනෙකාගේ දත්ත විෂ නැති කරගැනීම සඳහා වඩා හොඳින් උපකාර කරන්නට පුළුවන්.

මෙම පියවර ඔබ සම්බන්ධයෙන් සාර්ථක වූවා නම් හා ඔබට සැහැල්ලුවක් දැනෙනවා නම්, ඔබේ ජීවිතය ගූගල්හරණය කරගන්න උත්සාහ කරන්න. නැතිනම් ඔබගේ සමාජ මාධ්‍ය ප්‍රොෆයිලය අලුත්වැඩියා කරගන්න. එසේත් නැතිනම්, ඔබට ඔබගේ දුරකථනය අඩුවෙන් භාවිතා කරන්නට අවශ්‍ය නම්, පරීක්ෂා කරන්න සුහුරු දුරකථන සුහුරු පුරුදු ඇති කරයි.

අවසන් වරට යාවත්කාලීන කළේ: 4/22/2021